බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව අද(25) ආරම්භ විය. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිති.
“ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන තේමාව යටතේ ඔවුන් ගැඹුරු ලෙස සාකච්ඡා කරනු ඇත.
අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව, එකමුතුවෙන් සහ සහයෝගයෙන් කටයුතු කරමින් දුෂ්කරතා ජය ගැනීමේ ප්‍රබල සංඥාවක් මෙවර වාර්ෂික සමුළුව හරහා ජගත් ප්‍රජාව වෙත ලබා දීමට බලාපොරොත්තු වන බව බෝ ආඕ ආසියානු සංසදයේ මහා ලේකම් Zhang Jun මහතා අද පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
එමෙන්ම “ආසියාවේ ආර්ථික අපේක්ෂාවන් සහ ඒකීයකරණ ක්‍රියාවලිය පිළිබඳ 2025 වාර්ෂික වාර්තාව” සහ “දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ආසියාවේ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ 2025 වාර්ෂික වාර්තාව” යන වැදගත් වාර්තා දෙකක් ද මෙම මාධ්‍ය හමුවේදී නිකුත් කෙරිණ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්