බ්‍රිතාන්‍යයේ බොහෝ ස්ථානවල මෑතකදී රජයේ සංක්‍රමණ ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධතා ඇති වූ අතර, සමහර ප්‍රදේශවල මහා පරිමාණ කැරලි හට ගෙන ඇත. බ්‍රිතාන්‍ය ජාතික පොලිස් ප්‍රධානීන්ගේ කවුන්සිල වෙබ් අඩවියේ ඊයේ(7) ප්‍රකාශයකට අනුව, මේ වනවිට ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 120 දෙනෙකුට පමණ චෝදනා එල්ල වී ඇති අතර, පුද්ගලයන් 428 දෙනෙකු රඳවා ගෙන සිටින බව වාර්තා වේ.
ලන්ඩන්, මැන්චෙස්ටර් සහ ලිවර්පූල් ඇතුළු එක්සත් රාජධානියේ ප්‍රධාන නගර රැසකට මෙම විරෝධතා ව්‍යාප්ත වී ඇති අතර යම් ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ද නිර්මාණය වී ඇත. මෙය වසර 13 කට පසු බ්‍රිතාන්‍යයේ සිදුවූ විශාලතම ප්‍රචණ්ඩකාරී කැරැල්ල බව වාර්තා වේ.
ඊයේ(7) දිනය වනවිට බ්‍රිතාන්‍යයේ නගර රැසක නව විරෝධතා කැරලි ඇති විය හැකි බවට මීට පෙර වාර්තා විය. එහෙයින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් විශේෂ පොලිස් නිලධාරීන් 6000ක් බ්‍රිතාන්‍ය රජය විශේෂයෙන් යොදවා තිබිණ. එදිනම ලන්ඩනයේ සහ වෙනත් ස්ථානවල විරෝධතාකරුවන් රැස්ව සිටියේ පසුගිය කාලයේ ඇති වූ කලහකාරී තත්ත්වයන්ට විරෝධය පළ කරමිනි.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ