කොරොනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කල ලෝකයේ පලමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යයංශයේ සහතිකය (SLS) ප්‍රමිති සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන් කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරි නමා ඇත.
කොළඹ පිහිටි ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශ ශ්‍රවණාගාරයේදි එම තේ කර්මාන්ත ශාලාවට පිරි නමන ලද කොවිඩ් 19 ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කල අදාල ප්‍රමිති සහතිකය ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ශෂිකා ඩි සේනාරත්න මහත්මිය විසින් එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගම මහතා වෙත පිරි නමන ලදි.
ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් කොවිඩ් 19 වෛරසය සදහා නිර්දේශ කරන ලද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර යුතු ආකාරය පිලිබදව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය විසින් කල නිර්දේශ මත මවුන්ට්වර්නන් වතුයාය මගින් තේ දළු නෙලිමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම එම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලදි.
ප්‍රමිති කාර්යංශය විසින් නිර්දේශ කරන ලද නිර්දේශ වතු පාලන අධිකාරි නිසි ලෙස අනුගමනය කරවාද යන්න පිලිබදව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය විසින් මාස දෙකකට ආසන්න කාලයක් අධික්ෂණය කිරිමෙන් අනතුරුවයි අදාල ප්‍රමිති සහතිකය එම තේ කර්මාන්ත ශාලාවට පිරි නමා ඇත්තේ.
*Sources of Internet
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්