මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25 වැනි සංවත්සරය එළඹෙන 20 වනදාට යෙදේ. ඒ වෙනුවෙන් CGTN ආයතනය සහ මැකව් අධ්‍යයන මධ්‍යස්ථානය එක්ව 1,551ක පුද්ගල නියැදියක් ආශ්රයෙන් සමීක්ෂණයක් සිදු කර ඇත. “එක් රටක් ක්‍රම දෙකක්”ප්‍රතිපත්තිය මැකව් හි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ඉන් අනාවරණය කෙරිණ.
ගෙවී ගිය වසරවල මැකව් විශේෂ පරිපාලන කලාපීය රජය සාර්ථක පාලනයක් ක්‍රියාත්මක කර ඇති බව මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 93.9 පිරිසක් ප්‍රකාශ කර සිටී. එමෙන්ම තවත් සියයට 91.9ක් මැකව් හි පුරවැසියන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ නිදහස සම්පූර්ණයෙන්ම සුරක්ෂිත වී ඇති බවත්, සියයට 90.8ක් එහි සමාජ සුබසාධන අංශයේ කැපී පෙනෙන දියුණුව අගය කරන බවත් සඳහන් කර ඇත.
මැකව් හි මෙම සමෘද්ධිමත්භාවය සහ සංවර්ධනය උදෙසා චීන මධ්‍යම රජයේ ශක්තිමත් සහයෝගය තීරණාත්මක වූ බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 94.3ක් ප්‍රකාශ කළහ. එමෙන්ම ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 92.7ක් අවධාරණය කර සිටියේ චීන මහ ගොඩබිම සමග මැකව් වඩාත් සමීප සබඳතායක් පවත්වා ගෙන යන බවයි.
මැකව් හි ක්‍රියාත්මක “එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය සාර්ථකව භාවිත වන බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 92.2ක් විශ්වාස කරයි. එමෙන්ම මෙහිදී කැපී පෙනෙන පිරිසක් එනම් සියයට 93 ඉක්මවූ පිරිසක්“එක් රටක් ක්‍රම දෙකක්” ප්‍රතිපත්තිය සහ “මැකව් හි පාලනය” ක්‍රියාවට නැංවීම පිළිබඳ සිය විශ්වාසය පළ කර ඇත.
More Stories
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
සංවර්ධනයෙන් පිබිදෙන චීන මැකව් විශේෂ පරිපාලන කලාපය
නවාකාරයෙන් යුත් චීන සංවර්ධනය පිළිබිඹු කෙරෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය