පේරු වේලාවෙන් 14වැනිදා රාත්‍රී එරට Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ ආකාරයෙන් එක් වූහ. වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බව ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
ෂී ජින් පිං මහතාගේ මෙවර පේරු හි සංචාරය, චීන ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු පේරු රාජ්‍යයේ පැවැත් වූ තුන්වැනි නිල සංචාරයයි. මෙය වසරක් තුළ ජනාධිපතිනි Boruart මහත්මිය හමු වූ තෙවැනි අවස්ථාවද වේ. රාජ්‍ය නායකයින් දෙපළ එක්ව Chancay වරාය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම, මෙවර සංචාරයේ ප්‍රධාන ජයග්‍රහණයක් සහ විශේෂත්වයක් බවට පත් වූ අතර එයින් දෙරට ජනතාව අතර පවතින සදාකාලීන මිත්‍රත්වය තහවුරු වනු ඇත.
වසර 500 කට පෙර, පේරු හි මුතුන් මිත්තන් වන ඉන්කාවරු ඇන්ඩීස් කඳු, උතුරු හා දකුණ හරහා දිවෙන Inca Trail ඉදි කළහ. වර්තමානයේ චීනය හා පේරු රාජ්‍යය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමෙහි සංකේතවත් ව්‍යාපෘතියක් ලෙස Chancay වරාය, මෙම පැරණි මාර්ගයට නව ජීව ශක්තියක් ගෙන දෙන අතර පේරු හි සංවර්ධනය ප්‍රවර්ධනය කරයි.
Chancay වරාය විවෘත කිරීමේ සිට නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම දක්වාත්, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක සහ වෙනත් ක්ෂේත්‍රවල සංවාදය හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ සිට බහුපාර්ශ්වවාදයට අනුගත වීම හා බහුපාර්ශ්වික සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටීම දක්වාත්, චීන ජනාධිපතිවරයාගේ මෙවර පේරු හි සංචාරය ප්‍රතිඵල රැසක් අත්පත් කර ගෙන තිබේ. එයින් චීන-පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පුළුල් කොට ඇත. එසේම චීන-ලතින් ඇමරිකානු සහයෝගීතා සහ ‘ගෝලීය දකුණේ’ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් එම සංචාරයෙන් ලබා දී තිබේ.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්‍රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ