ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සත්කාරකත්වය අයුතු ලෙස භාවිත කරන බවට චීනයෙන් චෝදනා

ඇමරිකාවට එක්සත් ජාතීන්ගේ සත්කාරක රට ලෙස හිමි තත්ත්වය අයුතු ලෙස භාවිත කිරීම චීනයේ විවේචනයට ලක් වෙයි. පසුගිය (25) පැවති එක්සත් ජාතීන්ගේ සත්කාරක රටවල සබඳතා කමිටු රැස්වීමකට එක් වෙමින් එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත ගෙං ශුවං මහතා මේ අදහස් දැක්විය. ඇමරිකාව සිය එක්සත් ජාතීන්ගේ සත්කාරක රට වන තත්ත්වය අයුතු ලෙස භාවිත කරමින් ඇතැම් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙත වීසා නිකුත් නොකිරීම හා ඔවුන්ගේ සංචාරක නිදහස සීමා කිරීම සිදු කර තිබේ. ඇමරිකාව එම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නිත්‍යානුකූල අයිතීන් උල්ලංඝනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම මෙන් ම එක්සත් ජාතීන්ගේ සත්කාරක රට වශයෙන් ඉටු කළ යුතු වගකීම් නොසලකා හැරීමක් බව ගෙං ශුවං මහතා එහිදී පෙන්වා දුන්නේ ය. ඇමරිකාවේ එවන් ක්‍රියාකලාපයන් එක්සත් ජාතීන්ගේ කටයුතුවලට බාධාවක් වී ඇත. ඇමරිකාව“ඇමරිකාව පළමුව”යන්න ජගත් රෙගුලාසිවලට ඉහළින් තබා ගැනීමේ අධිපතිවාදී මානසිකත්වය එම ක්‍රියාකලාපය මගින් මැනවින් පෙන්නුම් කෙරෙන බව ද එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com