චීනයේ සංචාරයක නිරත ජපාන විදේශ අමාත්‍ය Takeshi Iwaya මහතා චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමු වෙයි. එම හමුව අද (25) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු විය.
වර්තමානයේ චීන-ජපාන සබඳතා වැඩිදියුණු කිරීමේ සහ සංවර්ධනයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක පවතින බව Li Qiang මහතා එහිදී පැවසීය. “එකිනෙකාගේ සහයෝගීත්ව හවුල්කරුවන් වීම සහ එකිනෙකාට තර්ජනයක් නොවී සිටීම” යනු දෙරට එක්ව කරන ලද බැරෑරුම් කැපවීමකි.
එලෙස ජපානයත් චීනයත් දෙරට අතර දේශපාලනිකව ඇති කරගෙන තිබෙන එකඟතාවන්හි මූලධර්මවලට අවනත වන අතර, ඉතිහාසයේ මෙන්ම අනාගතය සඳහා ද සෘජුව මුහුණ දෙමින් සියලු වෙනස්කම් නිර්මාණාත්මකව මෙන්ම නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ද චීන-ජපාන සබඳතාවල සමස්ත අවශ්‍යතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
ජපානය සහ චීනය අතර වසර 2,000 කට වැඩි මිත්‍රශීලී ඉතිහාසයක් ඇති බවත්, දැනට කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා වැදගත් වගකීම් දරන බවත් Takeshi Iwaya මහතා පැවසීය.
දෙරටේ නායකයන් විසින් පෙන්වා දී තිබෙන නිවැරදි දිශානතීන් ඔස්සේ උපායමාර්ගිකව සහ අන්‍යෝන්‍ය වශයෙන් ද වාසිදායක වන ලෙසින් සබඳතා පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, ඵලදායී හා ස්ථාවර ජපාන-චීන සබඳතාවයක් ගොඩනඟා ගැනීමටත් චීනය සමඟ කටයුතු කිරීමට ජපානය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ