චීන-මැලේසියා දෙරට අතර නවීකරණ උත්සාහයන් වේගවත් කිරීම සහ කලාපීය මෙන්ම ගෝලීය සමෘද්ධිය, ස්ථාවරත්වය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ උපායමාර්ගික චීන-මැලේසියානු ප්‍රජාවක් ගොඩනැඟීමට එකඟත්වය පළ වේ.
චීන ජනාධිපති ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ මැලේසියානු නිල සංචාරය තුළ දෙරට ඒකාබද්ධ ප්‍රකාශනයක් අද(17) නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රකාශයේ දී චීනය සහ මැලේසියාව උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට, සංවර්ධනයේ සහයෝගීතාවය ගැඹුරු කිරීමට, ජනතාව අතර සබඳතාව ශක්තිමත් කිරීමට මෙන්ම බහුපාර්ශ්වික සහයෝගතාව පවත්වා ගැනීමට ප්‍රතිඥා දී තිබේ.
මැලේසියාව එකම චීනය ප්‍රතිපත්තියට තම ස්ථිර කැපවීම නැවත අවධාරණය කරන අතර, චීන මහජන සමූහාණ්ඩුව චීනයේ එකම නීත්‍යානුකූල රජය ලෙස පිළිගනී. තායිවාන ප්‍රදේශය චීන මහජන සමූහාණ්ඩුවෙන් වෙන් කළ නොහැකි භූමියකි. චීන ජාතියේ නැවත එක් වීම සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය පළ කරන අතර තායිවාන ප්‍රදේශයේ නිදහස සඳහා වන කිසිඳු ඉල්ලීමකට මැලේසියාව සහාය නොදක්වන බව ද ඒකාබද්ධ ප්‍රකාශයෙන් නිවේදනය කර ඇත.
ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, නිල් ආර්ථිකය සහ සංචාරක ආර්ථිකය යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් දෙපාර්ශ්වය අතර ඒවායේ ඒකාබද්ධතාවයන් ශක්තිමත් කර ගැනීමට පොරොන්දු විය.
ඒ ඔස්සේ චීන-මැලේසියානු සහයෝගීතා මට්ටම සහ එහි ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් දෙරට අතර අනාගත ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට, ඒකාබද්ධ සම්බන්ධීකරණ සහ අනුපූරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කාර්මික සහ සැපයුම් දාම, වටිනාකම්, දත්ත සහ කුසලතා දාමයන් හි ඒකාබද්ධතාව වඩාත් ගැඹුරු කිරීමට එකඟත්වය පළ ව ඇත.
තවද, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය සහ චීන-ආසියාන් ප්‍රදර්ශනය වැනි වේදිකා හරහා මැලේසියානු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට මෙන්ම චීනය වෙත අපනයන පුළුල් කිරීම සඳහා ද මැලේසියාව සාදරයෙන් පිළිගන්නා බව චීනය පැවසීය.
එමෙන්ම දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මිත්‍රශීලී උපදේශන සහ සාකච්ඡා වැනි සාමකාමී ක්‍රම මගින් ආරවුල් විසඳීමට දෙරට එකඟ වී තිබේ. සෘජුවම සැලකිලිමත් නොවන පාර්ශ්වයන්ගේ මැදිහත්වීම ඵලදායක නොවන ලෙසට අදහස් කළ හැකි බව දෙපාර්ශ්වයම පිළිගන්නා බව ද එහිදී සඳහන් කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්