ආර්ථික හා වෙළඳ ගැටලු දේශපාලනීකරණය නොකරන ලෙස චීනය කැනඩාවෙන් ඉල්ලීමක් කරයි.
චීනයෙන් ආනයනය කෙරෙන විදුලි වාහනවලට තීරුබදු වැඩියෙන් අය කිරීම ඇතුළු සීමා කිරීමේ පියවර අනුගමනය කරන බව කැනඩා රජය ඊයේ (26) නිවේදනය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා අද (27) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.
මෙය, සත්‍යය හා ලෝක වෙළඳ සංවිධානයේ උපමාන නොසලකා කැනඩාව ගත් ආරක්ෂණවාදී පියවරක් බව ඔහු පැවසීය. චීන-කැනඩා ආර්ථික වෙළඳ සම්බන්ධතාව ඉන් විනාශ කෙරෙන අතර, කැනඩා ව්‍යාපාර හා පරිභෝගික අයිතීන්ට ද එමගින් හානි සිදුව තිබේ. කැනඩාවේ හරිතකරණ ප්‍රයත්න හා ගෝලීය දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ හැකියාවට ද මෙහිදී ඍජු බලපෑම් එල්ල වෙයි. කැනඩාවේ මෙම ක්‍රියාවට දැඩි විරෝධය පළ කරන චීනය සිය ව්‍යාපාරවල නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බව ද ලින් ජියන් මහතා අවධාරණය කළේය
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි