චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකමක් බ්‍රසීලයේ බ්‍රසීලියා අගනගරයේදී පැවැත්වේ.
චීන-බ්‍රසීල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50වැනි සංවත්සරය සැමරීම සඳහා බ්‍රසීල වේලාවෙන් 20වැනිදා පැවති එම ක්‍රියාකාරකම චීන මාධ්‍ය සමූහය සහ බ්‍රසීල ජාතික මාධ්‍ය සංස්ථාව එක්ව සංවිධාන කරන ලදී. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජී-20 කණ්ඩායමේ 19වන නායක සමුළුවට සහභාගිවීම සහ බ්‍රසීලයේ නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි.
බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එම ක්‍රියාකාරකම වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේය. බ්‍රසීල උප ජනාධිපති සහ සංවර්ධන, කර්මාන්ත හා වෙළඳ ඇමති Geraldo Alckmin මහතා, බ්‍රසීල සංචාරක විධායක ඇමතිවරිය සහ බ්‍රසීල ජාතික මාධ්‍ය සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එරට දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා මාධ්‍ය ක්ෂේත්‍රවල නියෝජිතවරු 200කට වැඩි පිරිසක් එයට සහභාගි වූහ.
මෙවර මානව හා සංස්කෘතික හුවමාරු ක්‍රියාකාරකමට වැදගත් අර්ථයක් ඇති අතර ඉන් දෙරට අතර සාම්ප්‍රදායික සංස්කෘතික පාලම වැඩිදුරටත් තහවුරු කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව Luiz Inácio Lula da Silva මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පවසා ඇත.
හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමෙන් දෙරටේ අන්‍යෝන්‍ය යහපත, පොදු ජයග්‍රහණ සහ පොදු සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳ කතන්දර මනාව ප්‍රචාරය කිරීම සඳහා, චීන මාධ්‍ය සමූහය ඇතුළු චීන මාධ්‍ය ආයතන සමඟ එක්ව ප්‍රයත්න දැරීමට බ්‍රසීලය සූදානමින් සිටින බව බ්‍රසීල උප ජනාධිපති Geraldo Alckmin මහතා එම ක්‍රියාකාරකම අමතමින් පැවසීය.
චීන-බ්‍රසීල මානව හා සංස්කෘතික හුවමාරු අඛණ්ඩව ගැඹුරු කොට චීන-බ්‍රසීල විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ගෙන ඒමට බ්‍රසීලයේ විවිධ පර්ෂදවල මිතුරන් සමඟ එක්ව කටයුතු කිරීමට තම ආයතනය කැමැත්තෙන් සිටින බව චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී සඳහන් කළේය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ