සටන් විරාමයක් වෙනුවෙන් දරන කවර හෝ උත්සාහයක් දැකීම චීනයට සතුටක් බව රුසියා-ඇමරිකානු නායකයන් අතර පැවති දුරකථන සංවාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(19) පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළාය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ දුරකථන සංවාදයක් පවත්වමින් රුසියා-ඇමරිකානු සබඳතා නිසි ලෙස විධිමත් කිරීම, යුක්‍රේන ගැටළුව වැනි ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කළහ.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය අදහස් දැක්වූවාය.
අදාළ මාධ්‍ය වාර්තාව කෙරෙහි චීනය අවධානය යොමු කර ඇත. චීනය සැම විටම සංවාදය මගින් අර්බුද විසඳා ගැනීමට අනුබල දෙන බව ඇය සඳහන් කළාය. සටන් විරාමයක් වෙනුවෙන් දරන කවර හෝ උත්සාහයක් දැකීම චීනයට සතුටක් බවත් එය සාමය සාක්ෂාත් කිරීමේ අත්‍යවශ්‍ය පියවරක් යැයි චීනය අදහස් කරන බවත් Mao Ning මහත්මිය පැවසුවාය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්