14 වැනි පස් අවුරුදු සැලැස්මේ එනම් 2021-2025 කාලය සඳහා සැලසුම් කර ඇති ප්‍රධාන ව්‍යාපෘතිවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට චීනය සමත්ව ඇත. ප්‍රවාහන යටිතල පහසුකම්, බලශක්ති පද්ධති සහ හරිත සංවර්ධනය යනාදී අංශ ඇතුළු අදාළ කාලය සඳහා ලැයිස්තුගත කර ඇති ප්‍රධාන ව්‍යාපෘති 102ක් ක්‍රියාත්මක කිරීමේ දී මෙලෙස කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (NDRC) අනුව, මෑත වසරවලදී ලබා ගත් ජයග්‍රහණ රැසකි. ඒ අතරින් චීනය සිය ප්‍රවාහන යටිතල පහසුකම් ජාලය ශක්තිමත් කරමින් මේ වනවිට අධිවේගී මාර්ග සේවා ප්‍රදේශවලින් සියයට 95 ක් පමණ ආරෝපණ පහසුකම්වලින් සම්පූර්ණ කර ඇත. නවීන බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමේ ඉලක්කය යටතේ ලොව විශාලතම පිරිසිදු බලශක්ති කොරිඩෝව යැංසි ගඟ දිගේ ඉදිකිරීමට සමත්ව තිබේ. එමෙන්ම 2021 වසරේ සිට නාගරික හා ග්‍රාමීය සංවර්ධනයේ සම්බන්ධීකරණය තුළින් සැලකිය යුතු ප්‍රගතියක් චීනය ලබා ඇත. විශේෂයෙන්ම හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා වැඩි අවධානයක් යොමු කරමින් සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 18ක් පමණ සංරක්ෂිත ස්වභාවික ප්‍රදේශ ලෙස සංවර්ධනය කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි