මාර්තු 20 වන දින සිට, චීනය කැනඩාවෙන් ආනයන කරන ලද රැප්සීඩ් තෙල් හා ධාන්‍ය වර්ගයක් වන කඩල යනාදී නිෂ්පාදන සඳහා 100% ක අතිරේක තීරු බදු පනවනු ඇත.
චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
2024 ඔක්තෝබර් 1 වන දින සිට චීන විදුලි වාහන සඳහා 100% ක අතිරේක තීරුබදු සහ 2024 ඔක්තෝබර් 22 වන දින සිට චීන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බව කැනඩා රජය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රකාශ කළේය. කැනඩාවේ ඒකපාර්ශ්වික අතිරේක තීරුබදු පැනවීම, පොදු සත්‍යය සහ ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති නොසලකා හැරීමක් මෙන්ම වෙළඳ ආරක්ෂණවාදී පියවරකි. කැනඩාවේ මෙම ක්‍රියාවන් චීනයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කරන අතර චීන-කැනඩා ආර්ථික හා වෙළඳ සබඳතාවලට ද හානිදායක වනු ඇත.
ඊට එරෙහිව ප්‍රතිචාර දක්වමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2025 මාර්තු 20 වන දින සිට කැනඩාවෙන් ආනයනය කරන රැප්සීඩ් තෙල්, තෙල් රොටි සහ කඩල ධාන්‍ය සඳහා 100% ක අතිරේක තීරුබදු පනවන බවත් කැනඩාවෙන් ආනයනය කරන ජලජ නිෂ්පාදන සහ ඌරු මස් සඳහා 25% ක අතිරේක තීරුබදු පනවන බවත් ය.
ඒ ‘චීන මහජන සමූහාණ්ඩුවේ තීරුබදු නීතිය’ යනාදී නීති රීති, ජාත්‍යන්තර නීතිවල මූලික මූලධර්ම සහ චීන රාජ්‍ය මණ්ඩලයේ අනුමැතියට අනුව ය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්