චීනයට පැමිණෙන විදේශීය මිතුරන් සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි. ඔහු අද(28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේ ය.
වාර්තාවලට අනුව, ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුව තුළ චීනයට පැමිණීමට නියමිත විදේශීය සංචාරක ඇණවුම් ප්‍රමාණය වාර්ෂිකව 173% කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම මෑතකදී පැවති කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයට පැමිණි, විදේශීය ගැනුම්කරුවන් සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 20% කට වඩා වැඩි බව ද වාර්තා විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Guo Jiakun මහතා කියා සිටියේ, විදේශීය ගැනුම්කරුවන් චීන ප්‍රදර්ශනවලට සහභාගී වීම, ලොව පුරා සිටින පාරිභෝගිකයින් චීනයට ඉතා උනන්දුවෙන් පැමිණීම, චීන නිෂ්පාදන සහ චීන සේවා යන අංශ හරහා, චීන පාරිභෝගික වෙළඳපොළේ ආකර්ෂණය සහ ජීව ශක්තිය පෙන්නුම් කරන බවයි.
පසුගිය 26 වැනිදා, චීනයෙන් පිටවීමේදී බදු ආපසු ගෙවීම් ප්‍රශස්ත කිරීම සඳහා නව වැඩපිළිවෙලක් දියත් කෙරිණ. මෙය විදේශීය පාරිභෝගිකයින්ට පහසුව සහ ප්‍රතිලාභ ගෙන දෙන පියවරකි. කම්කරු දින නිවාඩුව නිමිත්තෙන්, උසස් තත්ත්වයේ සහ අඩු මිලට තිබෙන “චීන නිෂ්පාදිත “, ලොව වැඩි පිරිසකට ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කරන චීනය, තම රටට පැමිණෙන ලෙස තවත් විදේශීය මිතුරන් වෙත ආරාධනා කරන බව Guo Jiakun මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීනයෙන් ප්‍රකාශයක්
ගිම්හානයේ ආරම්භයත් සමග හින්දු බැතිමතුන් චීනයේ Xizang ප්‍රදේශයේ වන්දනා චාරිකා සඳහා එක් වීමට සූදානම්
සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්