චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍ය ජනාධිපතිනි Dina Boluarte මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, පේරු වේලාවෙන් 14වනදා පස්වරුවේ ලීමා හි පිහිටි ජනපති මන්දිරයේදීය.
චීන පේරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ඇති වසර 53ක කාලය තුළ දෙරට අතර සම්බන්ධතාවය මනා වර්ධන තත්ත්වයක පවතින බව ෂී ජින්පිං මහතා මෙහිදී පෙන්වා දී තිබේ. විශේෂයෙන් වසර 2016 දී තමා පේරු රාජ්‍යයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයෙන් අනතුරුව දෙපාර්ශ්වයේ පොදු උත්සාහය යටතේ දෙරටේ වෙළඳාම 1.6 ගුණයකින් වැඩි වූ අතර, චීන ව්‍යාපාර, පේරු රාජ්‍යයේ සිදු කළ ආයෝජන ද දෙගුණයකින් වැඩි වී තිබේ. මේ අතර චීන පේරු නිදහස් වෙළඳ ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීමෙන් ද දෙරටේ ජනතාවට ප්‍රායෝගික ප්රතිලාභ ගෙන දී තිබෙන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.
මෙහිදී දෙපාර්ශ්වය සාර්ථක අත්දැකීම් සම්පිණ්ඩනය කිරීම වැදගත්ය. වෙළඳාම හා ආයෝජනය යන ‘ද්විත්ව එන්ජිම’ ශක්තිමත් කරමින් සාම්ප්‍රාදායික හා නවීන කර්මාන්තය එක්ව පෙළඹවීමටත්, කර්මාන්ත දාමය හා සැපයුම් දාමය අතර සම්බන්ධකම් පුළුල් කිරීමටත් කැප විය යුතුය. එසේම චීන පේරු, චීන ලතින් ඇමරිකානු ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීම ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා කියා සිටියේය.
පේරු රාජ්‍යය සමග සාම්ප්‍රදායික මිත්‍රත්වය අගයන චීනය, එරට සමග එක්ව දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩව නව තලයකට නංවාලීමට උත්සාහ කරමින් දෙරටේ ජනතාවට වැඩි වශයෙන් සුබසෙත නිර්මාණය කිරීමට සූදානම් බව ද ඔහු කීය.
මෙම සංචාරය තුළ දී ජනාධිපතිනිය සමග වීඩියෝ ආකාරයෙන් Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට ද තමා එක් වනු ඇතැයි ෂී ජින්පිං මහතා පැවසීය. Chancay වරාය නව ආරම්භයක් සේ සලකමින් පේරු රාජ්‍යය ඇතුළු ලතින් හා කැරිබියන් රටවල් වෙනුවෙන් පොදු සමෘද්ධිය කරා යන මාවතක් විවෘත කිරීමට චීනය පේරු රාජ්‍යය සමග එක්ව ප්රයත්න දැරීමට කැමති බව ඔහු ප්‍රකාශ කර ඇත.
වසර අටකට පසුව හෙට දිනයේ දී පේරු රාජ්‍යය තුන් වන වරටත් එපෙක් සංවිධානයේ නායකයින්ගේ නිල නොවන සමුළුවට සත්කාරකත්වය දරනු ඇත. චීනය පේරු රාජ්‍යයේ සත්කාරක කටයුතුවලට මුළුමනින් සහාය වේ. එම සමුළුව සාර්ථකව පැවැත්වීමට සුබ ප්‍රාර්ථනා කරමින් එමගින් ආසියා ශාන්තිකර සහයෝගතාවට යළි වරක් ‘ලීමා සටහනක්’ තැබීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.
චීනය දිගු කාලයක් පුරා පේරු රාජ්‍යයේ වැදගත් වෙළඳ හවුල්කරුවෙකු බවත්, විශේෂයෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පැවැත්වූ සහයෝගතා, සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් බවත්, පේරු ජනාධිපතිනි Dina Boruarte මහත්මිය එහිදී කියා සිටියාය. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ සංචාරය තුළදී දෙපාර්ශ්වය, නිදහස් වෙළඳ ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීම පිළිබඳ මුල් කෙටුම්පත ඇතුළු වැදගත් සහයෝගතා ගිවිසුම් රැසකට අත්සන් කළ අතර එමගින් ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවය සහ විවිධ ක්ෂේත්රවල සහයෝගතා ශක්තිමත්ව පෙළඹවිය හැකි යැයි විශ්වාස කරන බව ඇය පැවසුවාය.
Chancay වරාය පර්යන්තය විවෘත කිරීමෙන් ‘Chancay සිට ෂැංහයි දක්වා’ නව මාවතක් ආරම්භ වීම සනිටුහන් වේ. එය ලතින් ඇමරිකාව හා ආසියාව යා කරන වැදගත් පාලමක් හා පේරු ආර්ථිකයේ වැදගත් වර්ධන එන්ජිමක් වනු ඇත. දෙරටේ හා කලාපීය අඛණ්ඩ සංවර්ධනය ඉන් ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි ජනාධිපතිනිය පැවසුවාය. චීන ව්‍යවසායයන් පේරු රාජ්‍යයේ ආයෝජනය කරමින් යටිතල පහසුකම්, සම්පත්, බලශක්ති, ගමනාගමන යන වැදගත් ක්ෂේත්රවල සහයෝගතා ව්‍යාපෘතීන්ට එක්වීම පිළිගන්නා බව ද ඇය සඳහන් කළාය.
පේරු රාජ්‍යය එකම චීනය ප්රතිපත්තියෙහි ස්ථිර ලෙස එල්බ සිටියි. බහුපාර්ශ්විකවාදය අනුගමනය කරන තම රට චීනය සමග එපෙක් සංවිධානය ඇතුළු රාමු තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද පේරු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව, ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳ චීනය හා පේරු රාජ්‍යය අතර සහයෝගතා සැලැස්ම’ හා දෙරටේ ‘නිදහස් වෙළඳ ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීම පිළිබඳ මුල් කෙටුම්පත’ අත්සන් තැබීම මෙන්ම, ආර්ථික, වෙළඳ, වාණිජ ආයෝජනය, කාර්මික කලාප, අධ්‍යාපනය, හරිත සංවර්ධනය ඇතුළු ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගතා ලිපිලේඛන හුවමාරු කිරීම ද දෙරටේ නායක දෙපළ ඉදිරියේ සිදු කෙරිණ.
‘විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ පේරු ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය’ ද නිකුත් කර ඇත.
එම රාත්‍රියේ දී Dina Boruarte ජනාධිපතිනිය පැවැත්වූ පිළිගැනීමේ භෝජන සංග්‍රහයට ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එක් විය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි