චීනය Long March-4B Y53 ප්‍රවාහක රොකට්ටුව භාවිතයෙන් සාගර ලවණතාව හඳුනා ගැනීමේ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි.
එම චන්ද්‍රිකාව අද(14) පෙරවරුවේ චීනයේ Taiyuan නගරයේ චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් උඩුගුවනට යැවිණ. එම චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ වී ඇත.
එම චන්ද්‍රිකාව මගින් ඉහළ යථාතථ්‍යතාව සහිත ගෝලීය සාගර ලවණතාව හඳුනා ගැනීම අතින් චීනයේ පවතින අඩුපාඩු සපුරාලිය හැකි අතර සාගර පරිසර අනාවැකි, සාගර ජෛව අනාවැකි, ජල චක්‍ර නිරීක්ෂණය, කෙටි කාලීන කාලගුණ අනාවැකි සහ ගෝලීය කාලගුණ විපර්යාස පර්යේෂණ යනාදී කටයුතු සිදු කළ හැකි ය. ඉන් කෘෂිකර්මාන්තය, ග්‍රාමීය කටයුතු , ආපදා අවම කිරීම, කාලගුණ විද්‍යාව ඇතුළු අදාළ කර්මාන්ත වෙනුවෙන් සහයක දත්ත සැපයීමද සිදු කෙරෙනු ඇත.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි