චීන මාධ්‍ය සමූහය “China On a New Journey” මැයෙන් නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපට මාලාව ශ්‍රී ලංකාවේ විකාශය ආරම්භ කිරීමට සමගාමීව විශේෂ ක්‍රියාකාරකමක් කොළඹ දී පැවැත්විණි. කොළඹ සක්‍යා අධ්‍යාපන ආයතනයේ පැවති එම ක්‍රියාකාරකම සඳහා උසස් පෙළ ආර්ථික විද්‍යා සිසුන් සහ ගුරුවරුන් සහභාගී වුහ.
එහි දී පළමු වීඩියෝව ප්‍රදර්ශනය කෙරුණ අතර, කොළඹ ඇතුළු දිවයිනේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් ඊට එක් විය. “චීනය, නව ගමනක” යන මැයෙන් නිෂ්පාදිත මෙම වැඩසහටහන් හරහා ගෙවි ගිය දස වසර තුළ, චීනෙය් සංවර්ධන ගමන්මග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. විශේෂයෙන්ම, චීනයේ දරිද්‍රතාව පිටු දැකීමේ දී ලබා ගත් කෘෂිකාර්මික ජයග්‍රහණ පිළිබඳ දැනුම, සිසුන්ට අධ්‍යන කටයුතු සඳහා ද ප්‍රයෝජනවත් වන බව, ඒ සඳහා සහභාගී වූ ආචාරයවරු ප්‍රකාශ කළහ. චීන මාධ්‍ය සමූහය සහ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය එක්ව, එම වැඩසටහන් මාලාව ශ්‍රී ලංකාවේ ස්වාධීන රූපවාහිනි නාලිකාව හරහා සතිපතා විකාශය කිරීමට ද කටයුතු කර ඇත.
- දිනුෂි ධීරසිංහ
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට