රුසියාව සමග එක්ව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව දෙරට අතර ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානම් වෙයි. එසේ ම, සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගතව ජාත්‍යන්තර ක්‍රමවේදය යුක්ති සහගත දිශානතිය වෙත රැගෙන යාම ද චීනයේ අපේක්ෂාවයි.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ඊයේ(05) බෙයිජිං හිදී රුසියානු ෆෙඩරල් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ(State Duma) උප සභාපති Alexander Mikhailovich Babakov මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව පැවසීය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ගේ නායකත්වය යටතේ නව යුගයේ චීන – රුසියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩ ව ඉදිරියට ගෙන ගොස් ඇති බව Zhao Leji මහතා සඳහන් කළේය.
චීන ජාතික මහජන කොංග්‍රසය සමග එක්ව හුවමාරු හා සහයෝගිතා තහවුරු කරමින් දෙරට සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ ආයතනය වශයෙන් රුසියානු ෆෙඩරල් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය දායක වනු ඇති බව Alexander Babakov මහතා මෙම හමුවේදී කියා සිටියේය.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි
බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ