මේ වසරේ මැයි සිට ජූලි මස දක්වා කාලයේ දී Xianbin කොරල්පර පරිසර පද්ධතියේ තත්ත්වය විමර්ශනය හා තක්සේරු කර ඇත. චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයට අයත් දකුණු චීන මුහුදු සංවර්ධන පර්යේෂණ ආයතනය, දකුණු චීන මුහුදේ පාරිසරික මධ්‍යස්ථානය සහ දකුණු චීන මුහුදු සමීක්ෂණ මධ්‍යස්ථානය එක්ව මෙම විමර්ශනය සිදු කර තිබේ. ඒ අනුව Xianbin කොරල්පර පිළිබඳ “තත්ත්ව පරීක්ෂණ” වාර්තාව අද(30) පළමු වරට නිකුත් කෙරිණ.
Xianbin කොරල්පර යනු චීනයේ Nansha දූපත් සමූහයේ කොටසක් වන අතර, එය Hainan පළාතේ Sansha නගරයට අයත් ය. Xianbin කොරල්පර ඇතුළු Nansha දූපත් සමූහය හා ඊට යාබද ජලය සම්බන්ධයෙන්, චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇති අතර, මෙයට ප්‍රමාණවත් ඓතිහාසික හා නීතිමය පදනමක් ද තිබේ.
පිලිපීන වෙරළාරක්ෂක බලකායේ අංක 9701 නෞකාව, මේ වසරේ අප්‍රේල් මාසයේ සිට චීනයේ Xianbin කොරල්පරයෙහි නීතිවිරෝධී ලෙස රැඳී සිටියි. මෙම විමර්ශනය අතරතුර, චීන විමර්ශන කණ්ඩායමට පිලිපීනයෙන් බාධා සිදු විය.
පිලිපීන වෙරළාරක්ෂක බලකායේ මෙම නෞකාව, අදාළ ප්‍රදේශයෙහි නීතිවිරෝධී ලෙස රැඳී සිටින කාලය තුළ, එය අවට ස්වභාවික පරිසරයට යම් යම් අහිතකර බලපෑම් ඇති කර තිබේ. අවට ගල්පරවල මෙහෙයුම් සඳහා පිලිපීනය කුඩා බෝට්ටු නිතර යොමු කර තිබේ. ඉන් මුහුදු රළ වෙනස්වීම වැනි ක්‍රියාවල බලපෑම සහ නැව් නැංගුරම් දැමීමෙන් අවට ගල්පරවලට අඛණ්ඩව හානි සිදුව ඇත. පිලිපීන ලාංඡනය සහිත කසළ ද, චීන සමීක්ෂණ කණ්ඩායම Xianbin කොරල්පර අවට ජලයෙන් සොයා ගෙන තිබේ.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ