මානව හිමිකම් සුරැකීමෙහි සැමවිටම නියැළී සිටින බව චීනය ප්‍රකාශ කරයි. අද (10) ලෝක මානව හිමිකම් දිනයයි. මෙම දිනය නිමිති කරගෙන චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ චීනය සැමවිටම මානව හිමිකම් සුරැකීමට අවධානය යොමු කරන බවයි.
මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව ඇය එහිදී සඳහන් කළා ය. වසර 10ක කාලයකින් පමණක් රටේ කෝටි 10ක දිළිඳු ජනගහණය දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට චීනය සමත් වී තිබේ. එමෙන් ම එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ දරිද්‍රතාව පිටුදැකීමේ ඉලක්කය චීනය සපුරාගෙන ඇත්තේ නියමිත කාලයට වසර 10කට පෙර ය.ලොව විශාලම පරිමාණ අධ්‍යාපන , සමාජ ආරක්ෂණ , සෞඛ්‍ය හා වෛද්‍ය පද්ධති ස්ථාපිත කිරීම මානව හිමිකම් සුරැකීමේදී චීනය ලද තවත් විශිෂ්ට ජයග්‍රහණයකි. මේ වන විට චීන වැසියන්ගේ සාමාන්‍ය අපේක්ෂිත ආයු කාලය අවුරුදු 78.6 දක්වා වැඩි වී ඇත. රාජ්‍ය පරිපාලනයේදී චීන රජය සැමවිටම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කරන බවත්, මානව හිමිකම් සුරැකීම සඳහා මේ වන විට නීති කෙටුම්පත් 305ක් බලාත්මක කර ඇති බවත්, මෞ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි