සිය ව්‍යවසායන් හි නිත්‍යානුකූල අයිතිවාසිකම් චීනය තරයේ ම ආරක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
දහසකට වැඩි චීන ව්‍යවසායන් ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ අපනයන සීමා ලැයිස්තුවට ඇතුළත් ව තිබේ. ඒ සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.
ඇමරිකාව සිය ජාතික ආරක්ෂාවට හානි කිරීම හා එරට රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කිරීම මුවාවෙන් අත්තනෝමතික ව අපනයන සඳහා සීමා පනවමින් අනිසි ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පනවා ඇත. මෙය, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතාව සඳහා වන මූලික රෙගුලාසීන් හා ගෝලීය කාර්මික හා සැපයුම් දාමයන් හි ස්ථාවරත්වය දැඩිව උල්ලංඝනය කිරීමක් බව Guo Jiakun මහතා මෙහි දී අවධාරණය කළේය.
ඇමරිකාවේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන චීනය ඊට එරෙහිව ප්‍රති-පියවර ගනිමින් සිය ව්‍යවසායන් හි අයිතිවාසිකම් තරයේ ම ආරක්ෂ කරන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය