පිලිපීනය අත්තනෝමතික ව Typhon අවි පද්ධතිය ස්ථානගත කරන්නේ නම් ඉන් ලැබෙන අවාසි තුළින් ඍජුව ම එරටට හානි ගෙන දෙනු ඇතැයි චීනය පවසයි.
එම අවි පද්ධතිය උපායමාර්ගික අවියක් මිස ආරක්ෂිත අවියත් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි. පිලිපීනය ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කර ඇත්තේ නිත්‍ය යුද අභ්‍යාසයක් සඳහා පමණක් එම පද්ධතිය යොදා ගනු ඇති බවයි. යුද අභ්‍යාසය ඉකුත් සැප්තැම්බර් මාසයේ අවසන් වීමෙන් පසු එය ඉවත් කර ගන්නා බවට ප්‍රතිඥා ලබා දුන්න ද එය එරට සදාකාලීක ස්ථානගත කිරීමට අපේක්ෂා කරන බවට ප්‍රකාශ කෙරිණ. මෙම ප්‍රකාශය පොරොන්දුව කඩා දැමීමක් බව ඉතා පැහැදිලි යැයි ඇය සඳහන් කරයි. කලාපීය රටවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන සිය පොරොන්දු අනුගමනය කරමින් හැකි ඉක්මණින් Typhon අවි පද්ධතිය ඉවත් කර ගන්න ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පවසයි.
පිලිපීන ජාතිකාරක්ෂක අමාත්‍ය Gilberto Teodoro මහතා පසුගිය 24 වැනිදා සඳහන් කළේ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ දී ඇමරිකාව තම රටේ Typhon අවි පද්ධතිය ස්ථානගත කිරීම යුක්ති සහගත හා නීත්‍යනුකූල වන බවත් විදේශ රටවල විරෝධතා පිළි නොගන්නා බවත් ය. ඊට ප්‍රතිචාරයක් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය ප්‍රකාශ කළාය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි