ඇමරිකාව චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.
ඇමරිකාව හිතාමතාම ව්‍යාජ තොරතුරු පතුරවමින් චීනයේ මානව හිමිකම් තත්ත්වයට චෝදනා එල්ල කරමින් චීන නිලධාරීන් කෙරෙහි අත්තනෝමතිකව වීසා සීමා කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා අද(17) ප්‍රකාශ කළේය. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලික රෙගුලාසීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි. මේ පිළිබඳව දැඩි අප්‍රසාදයෙන් සිටින චීනය ඇමරිකාවට විරෝධතා පළ කරන බව ද ඔහු පැවසීය.
ඊනියා ‘නොවැදගත් සේ සලකන ආගමික කණ්ඩායම්වලට හා ජන වාර්ගික ජනතාවට වද හිංසා කිරීම’ට එක්වූ චීන නිලධාරීන්ට වීසා සීමාවන් ක්‍රියාත්මක කරන බව පසුගියදා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ පිළිබඳව අදහස් දක්වමින් ලින් ජියන් මහතා ඉකුත් ප්‍රකාශ සිදු කළේය.
ඊට ප්‍රතිපියවර වශයෙන් චීනය සිය නීතිවලට අනුව චීනයේ මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳ ව්‍යාජ තොරතුරු ගොනු කිරීම, චීනයට සම්බාධක පැනවීම ප්‍රවර්ධනය කිරීම හා චීනයේ ප්‍රතිලාභවලට හානි කිරීම සිදු කළ ඇමරිකානු නිලධාරීන් කෙරෙහි ද වීසා සීමා කිරීම ක්‍රියාත්මක කරනු ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර