ජාත්‍යන්තර ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හයවැනි කමිටුව ඊයේ(3) සමුළුවක් පැවැත්වීය. ආරක්ෂක මණ්ඩලයේ හා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ත්රස්තවිරෝධි තීරණ හා එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්රස්තවිරෝධි උපායමාර්ගය සමස්තයක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත Geng Shuang මහතා එම සමුළුවේදී පැවසීය.
ආරක්ෂක මණ්ඩලය විසින් ලැයිස්තුගත කරන ලද ත්‍රස්තවාදී සංවිධාන හා පුද්ගලයන් ඒකාබද්ධව මැඩ පැවැත්වීමේදී ජාත්‍යන්තර ත්රස්තවිරෝධි සහයෝගිතාවන්හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණ දායකත්වය ශක්තිමත් කළ යුතු බව Geng Shuang මහතා එහිදී කියාසිටියේය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් චීනය යෝජනා 4ක් ඉදිරිපත් කරන බව Geng Shuang මහතා සඳහන් කළේ ය. බහුපාර්ශ්වික සහයෝගීතාව, ජාත්‍යන්තර නීතිමය පාලනය, විස්තීරණ පියවර ක්‍රියාත්මක කිරීම, සත්‍යාපනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ඊට ඇතුළත් ය.
චීනය, ත්රස්තවාදයේ ගොදුරු වන පාර්ශ්වයක් බවට පත්ව තිබේ. ආරක්ෂක මණ්ඩලය විසින් ලැයිස්තුගත කරන ලද ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානය වන නැගෙනහිර තුර්කිස්ථාන ඉස්ලාමීය සංවිධානය, චීනයට බරපතල ත්‍රස්තවාදී ප්‍රහාර රැසක් එල්ල කර තිබේ. මෑත වසර කිහිපය තුළ Fidayeen Majeed Brigade නමින් සංවිධානය සක්‍රිය ලෙස ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වෙමින් චීනය හා පාකිස්තානය ඇතුළු රටවල ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් වෙමින් පවතී. නැගෙනහිර තුර්කිස්ථාන ඉස්ලාමීය සංවිධානය හා Fidayeen Majeed Brigade නම් සංවිධානය මර්දනය කිරීම, ජගත් ප්‍රජාවේ පොදු ප්රතිලාභ උදෙසා යෝග්‍ය බව Geng Shuang මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි