ඇමරිකාව කිසිදු අයුරකින් හොංකොං හි කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය අවධාරණය කරයි. “ හොංකොං ජාතිකාරක්ෂක නීතිය ” බලාත්මක කිරීමට අදාළ හොංකොං නිලධාරීන්ට එරෙහිව නව වීසා සීමා පනවනු ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය.
හොංකොං විශේෂ පරිපාලන කලාපයට ජාතිකාරක්ෂාව රැක ගැනීම හා ජාතිකාරක්ෂාවට තර්ජනය වන සියලු ක්‍රියාවන් මර්දනය කිරීමට චීන මධ්‍යම රජය ස්ථිර ව අනුබල දෙන බව ඔහු එහිදී කියා සිටියේ ය. ඇමරිකාව ඇතැම් නීතිමය කටයුතු හරහා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හොංකොං හි නීතියේ පාලනයට චෝදනා කිරීම හා හානි සිදු කිරීම සම්බන්ධයෙන් චීනය දැඩිව විරුද්ධ වන බව ද ලින් චියෙන් මහතා පැවසීය. ඇමරිකාව හොංකොං විශේෂ පරිපාලන රජයේ නිලධාරීන්ට එරෙහිව වීසා සීමා පැනවුවහොත් චීනය ඊට සමාන පියවර ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි