දකුණු චීන මුහුදු ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කිරීමට ඇමරිකාව, ජපානය යන රටවල් අඛණ්ඩ ව කටයුතු කරන බව චීනය පවසයි.
චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රවෘත්ති අංශයේ උප ප්‍රධානී, පුවත් ප්‍රකාශක Zhang Xiaogang මහතා අද(16) මේ බව පැවසීය.
ඇ.ඩො. කෝටි 50ක වටිනාකමින් යුත් ආධාරයක් පිලිපීනය වෙත සපයන බවට ඇමරිකාව පසුගිය දා ප්‍රකාශයට පත් කළේය. ඒ චීනයේ වෙරළාරක්ෂක බලකායට මුහුණ දීමට පිලිපීනයට සහාය ලබා දීම සඳහා බව ඇමරිකාව පැවසීය. එසේ ම, ජපානය පසුගිය දා පිලිපීනය සමග ‘පොදු නොවන ආර්ථික කලාපයේ’ දී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීය. මෙය ‘නිදහස් හා විවෘත ඉන්දීය-ශාන්තිකර ප්‍රදේශයක්’ සහතික කිරීම සඳහා කළ බව ජපානය සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Zhang Xiaogang මහතා පැවසුවේ දකුණු චීන මුහුදට කිසිදු සම්බන්ධයක් නොමැති ඇමරිකාව හා ජපානය අඛණ්ඩ ව එහි ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කරන අතර, පිලිපීනය ද අත්තනෝමතික ව එවැනි රටවල් සමග සමීප සම්බන්ධයක් පවත්වා ගනිමින් සිටී. කලාපීය රටවල් පිලිපීනයේ මෙවැනි හැසිරීම් පිළිබඳ දැඩි විරෝධය දක්වති. චීන මුහුදේ ස්වෛරීභාවය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට එරෙහිව චීනය ප්‍රතිවිරෝධී මෙහෙයුම් තරයේ ම සිදු කරන බව ද හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි