චීනයේ තායිවාන ප්‍රදේශයට ඇමරිකානු ඩොලර් මිලියන 571.3ක වටිනාකමෙන් යුත් ආයුධ ලබා දෙන බව ඇමරිකා ධවල මන්දිරය ඊයේ(21) ප්‍රකාශ කළේය.
ඇමරිකාවේ ක්‍රියාව එකම චීනය මූලධර්මය, චීනය හා ඇමරිකාව අතර ඒකාබද්ධ ප්‍රකාශන තුනට පටහැනි වන අතර එය ඇමරිකා නායකයන් තායිවාන බෙදුම්වාදීන්ට සහාය නොදීමේ පොරොන්දුවට ද විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අද(22) පැවසීය. ඊට අමතරව ඉන් තායිවාන බෙදුම්වාදීන්ට වැරදි පණිවුඩයක් යොමු කරන බව ද ප්‍රකාශකයා කියා සිටියේය. ඊට දැඩි ලෙස විරුද්ධ වන චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමේ ක්‍රියාවන් වහාම නතර කරන ලෙසයි. සියළු අවශ්‍ය පියවර ගනිමින් චීනය දැඩිව රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව රැක ගනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.
මේ අතර චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කාර්යාලයේ ප්‍රකාශකයා අද(22) ප්‍රකාශ කළේ චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි. ‘ඇමරිකාව මත යැපෙමින් ප්‍රදේශයේ ස්වාධීනත්වය ඉටු කිරීම’හෝ ‘ආයුධ සන්නද්ධ මාර්ගයෙන් ප්‍රදේශයේ ස්වාධීනත්වය ඉටු කිරීම’ට ගන්නා ඕනෑම උත්සාහයක් අනිවාර්යෙන්ම පරාජයට පත්වනු ඇතැයි තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය වන ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂයට’ පැහැදිලි විය යුතු බව ද ප්‍රකාශකයා අවධාරණය කර ඇත.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්