ඇමරිකාවේ ‘චීනය පිළිබඳ කොංග්රස්–පරිපාලන කමිටුව’ නිකුත් කළ වාර්ෂික වාර්තාවක් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මානව හිමිකම් තත්ත්වයට අපහාස කරමින් හොංකොං කලාපයට සම්බාධක පනවන බවට තර්ජන එල්ල කර ඇත. එය හොංකොංහි කටයුතු හා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන බැවින් චීනය දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කරන බව හොංකොංහි රැඳී සිටින චීන විදේශ අමාත්‍යංශ කාර්යාලයේ ප්‍රකාශකයා ප්‍රකාශ කර ඇත.
ඇමරිකාවේ ‘චීනය පිළිබඳ කොංග්රස්–පරිපාලන කමිටුව’වාර්ෂිකව නිකුත් කරන අදාළ වාර්තා, හොංකොංහි නීතිමය හා මානව හිමිකම් තත්ත්වය විකෘති ලෙස ප්‍රචාරය කරමින් එම කලාපයට එරෙහිව සම්බාධක පනවන බවට තර්ජන එල්ල කර ඇත. එවැනි වාර්තා තුළින් පිළිබිඹු වන්නේ ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ නූගත් බව, අගතිය හා උඩඟුකම ය. මෙවැනි වාර්තා කොපමණ ප්‍රමාණයක් පළ කළද ඉන් හොංකොංහි සමෘද්ධිමත් ස්ථාවරත්වය වෙනස් කළ නොහැක. හොංකොංහි පුරවැසියන්ගේ නිදහස හා අයිතීන් පූර්ණ ලෙස සහතික වීමේ සත්‍යය කිසිදා වෙනස් කළ නොහැකි ය. එසේම චීන දේශප්‍රේමී පුද්ගලයින් හා හොංකොං කලාපයට ඇල්මෙන් යුතුව ක්‍රියා කරන පුද්ගලයින් සිය වගකීම ඉටු කිරීමේ අධිෂ්ඨානය ද වෙනස් නොවනු ඇත.
ඇමරිකාව සත්‍යය හඳුනා ගෙන චීන අභ්‍යන්තර කටයුතු හා හොංකොංහි කටයුතුවලට මැදිහත් වීමේ උත්සාහය හා එවන් ව්‍යාජ තොරතුරුවලින් පිරී ඇති වාර්තා නිකුත් කිරීම වහාම නතර කළ යුතු බව චීන ප්‍රකාශකයා අවධාරණය කර ඇත.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්