‘චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය හා විදේශ සම්බන්ධතා’ පිළිබඳව චීන විදේශ අමාත්‍ය වං යී මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙයි. ඒ අද (7) පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරයට අදාළව පැවති මාධ්‍ය හමුවකදීය.
2024 වසර ජාත්‍යන්තර තත්ත්වයේ විශාල වෙනස්කම් සිදු වූ වසරක් වන අතර, චීනයේ ප්‍රතිසංස්කරණ සංවර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමේ වසරක් බව වං යී මහතා එම අවස්ථාවේදී පැවසීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, චීනයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැදගත් ප්‍රගතියක් ලබා ඇත. මෙම වසරේ ජාත්‍යන්තර තත්ත්වය අභියෝගවලින් පිරී පැවතිය ද, චීනයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල මූලික අභිප්‍රාය නොවෙනස්ව පවතින බව ඔහු කීය. ලෝක සාධාරණත්වය, යුක්තිය, සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සෙසු රටවල් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්නේ පසු වන බව වං යී මහතා අවධාරණය කළේය.
චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වය ගෝලීය සංවර්ධනයට ලබා දී ඇති දායකත්වය පිළිබඳව වං යී මහතා ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසීය. වත්මන් ලෝකය වෙනස්කම්වලින් හා අවුල්සහගත බවින් පිරී ඇත. නිශ්චිතභාවය වඩාත් හිඟ සම්පතක් බවට පත්වෙමින් පවතී. විශේෂයෙන් ලොව බලවත් රාජ්‍යයන් විසින් ගනු ලබන ඇතැම් තීරණ ගෝලීය රටාවට බලපෑම් කරනු ඇත. එමෙන්ම අනාගතයේදී චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වය සැමවිටම නිවැරදි මාවතෙහි සහ මානව ප්‍රගතීන් සම්බන්ධයෙන් නොසැලී සිටිනු ඇති බවත්, චීනයේ නිශ්චිතභාවය අවිනිශ්චිත ලෝකය ස්ථාවර කරනු ඇති බවත් වං යී මහතා පෙන්වා දුන්නේය.
2025 වසරේ දී රාජ්‍ය නායකයින්ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නව මුහුණුවරකින් දියත් කිරීමට මග පාදනු ඇතැයි ද වං යී මහතා එහිදී පැවසීය. පසුගිය පෙබරවාරි මස ෂී ජින් පිං මහතා ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී විය. මෙම වසරේ ස්වදේශීය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉන් ආරම්භ කෙරුණු බව ඔහු කීය. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව සඳහා වැදගත් ක්‍රියාකාරකම් මාලාවක් යනාදිය මෙම වසරේ පැවැත්වීමට නියමිත බව වං යී මහතා සඳහන් කළේය.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි