චීන අගමැති ලි ච්‍යං මහතා ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (9) බෙයිජිංහිදී පැවැත්විණ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය, ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු ලොව ප්‍රධාන ආර්ථික සංවිධාන 10ක ප්‍රධානීහු එම අවස්ථාවට එක්වූහ.
වර්තමානයේ ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසු වන අතර ආර්ථික ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය අභියෝගයන්ට ලක්ව ඇතැයි ලි ච්‍යං අගමැතිවරයා එහිදී කියා සිටියේ ය. චීනය ආර්ථික ගෝලීයකරණයේ හා බහුපාර්ශ්වවාදයේ නොසැලෙන ආරක්ෂකයෙකි. දිගු කාලයක සිට ලෝක ආර්ථිකයට අඛණ්ඩව ජවය එක්කිරීමට චීනය කටයුතු කර ඇත. විවිධ පාර්ශ්වයන් සමග එක්ව ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලධර්මය හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීමට චීනය කැමති බව ලි ච්‍යං මහතා පවසයි. ගෝලීය කළමනාකරණය සඳහා විවිධ ජාත්‍යන්තර ආර්ථික සංවිධානයන්ට සිය කාර්යභාරයන් ඉටු කිරීමට අනුබල දෙන චීනය සිය හැකියාවට සරිලන ජාත්‍යන්තර වගකීම් හා යුතුකම් දැරීමට ඉදිරිපත් වන බව ද හෙතෙම සඳහන් කර තිබේ.
චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ අගය කරමින් එහි සිටි ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් පැවසුවේ චීන ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණය හා අනාගතය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවයි. චීනය සමග එක්ව බහුපාර්ශ්වවාදය හා ගෝලීයකරණය රැක ගනිමින් ලෝක ආර්ථිකය නම්‍යශීලිත්වයෙන් යුතුව වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුන් පවසා ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි