පොදු ඉරණමක් සහිත, පොදු-ජයග්‍රාහී බවින් යුත් ආසියානු ශාන්තිකර ප්‍රජාව පොදු ප්‍රයත්නයෙන් ගොඩනැංවීමට චීනය ඉදිරිපත් වෙයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ආසියානු ශාන්තිකර කලාපය යනු ගෝලීය වශයෙන් උද්‍යෝගවත් ආර්ථික කලාපයක් මෙන් ම ලෝක ආර්ථික වර්ධනය සඳහා වන වැදගත් එන්ජිමක් බව Lin Jian මහතා සඳහන් කළේය. ආසියානු ශාන්තිකර කලාපය, ගෝලීය සංවර්ධනය සඳහා වන ස්ථාවර සාධකයක් වන්නේ, කලාපීය රටවල් සාමකාමී සංවර්ධන ප්‍රවණතාවන්ට අනුකූල වෙමින් අන්‍යෝන්‍ය ජය සහ පරාජයේ දී එකිනෙකාට එරෙහි නොවීම හේතුවෙනි. දුෂ්කරතා රැසක් මධ්‍යයේ හිමි කර ගෙන ඇති මෙම ප්‍රතිලාභය විවිධ පාර්ශ්වයන් අගය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
එපෙක් නායකයින්ගේ 31වැනි නිල නොවන සමුළුව මත සැබෑ බහුපාර්ශ්වවාදයෙන් යුතුව අඛණ්ඩ ව එල්බ සිටිමින් ආසියානු ශාන්තිකර කලාපයට ගුණාත්මක සංවර්ධනයේ හා විවෘතභාවයේ වැඩි අවස්ථා ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති