චීන ආර්ථිකය වඩාත් නම්‍යශීලී ලෙස වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ චීන ශාඛා ප්‍රධානි Sonali Jain-Chandra මහත්මිය පවසයි. පවතින අභියෝග හමුවේ පවා චීනය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බැවින් වඩාත් නම්‍යශීලී හා වඩාත් ඉහළ ගුණාත්මකබවින් යුත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට චීනයට හැකියාව පවතින බව ඇය පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියාය. එම නම්‍යතාව හේතුවෙන් මේ වසරේ චීන රජය සැලසුම් කර ඇති අයුරින් ආර්ථික වර්ධන ඉලක්ක සපුරාලීමට හැකි වෙතැයි ද අපේක්ෂා කෙරේ.
පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම වාර්තාව නිකුත් කර තිබේ. මේ වසරේ චීන ආර්ථිකය 5%ක වර්ධනයක් සාක්ෂාත් කරනු ඇතැයි එමගින් පුරෝකථනය කර ඇත. දැවැන්ත රාජ්‍ය ආයෝජනය හා අඛණ්ඩව ප්‍රකෘතිමත් වන පෞද්ගලික පරිභෝජනය එම වර්ධනයට දායක වන බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි