TP1000 මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී පසුගිය දා(15) සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කළේය. මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාන ප්‍රවාහන ගුවන් යානාව යි.
ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර ඇත.
එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් එකකි. සම්පූර්ණ බර සහිත ව කිලෝමීටර් 1000ක දුරක් එයට ගමන් කළ හැකිය. TP1000 ලබන වසරේ නිල වශයෙන් භාවිත කිරීමට සැලසුම් කෙරේ.
More Stories
චීනයේ නව චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කෙරේ
චීන ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්
ලෝක සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කර චීන චිත්‍රපටය