චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවතී. ඉකුත් පෙබරවාරි මාසය අග වන විට චීනයේ විදේශ විනිමය සංචිත වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 3.2ට වඩා වැඩි බව වාර්තා විය. පසුගිය ජනවාරි මාසය අවසානය හා සැසඳීමේදී එය ඇ.ඩො. බිලියන 18.2ක වර්ධනයක් වන අතර, එහි වර්ධන අනුපාතය 0.57%කි.
පසුගිය මාසය තුළ, ප්‍රධාන ආර්ථික ඒකකයන් හි සාර්ව ප්‍රතිපත්ති, ආර්ථිකමය දත්ත හා එම රටවල මහජන බැංකුවල මුදල් ප්‍රතිපත්ති අපේක්ෂාවන්ගෙන් සිදු ව ඇති බලපෑම් හේතුවෙන් ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටී ඇත. ඊට සාපේක්ෂව, චීන ආර්ථිකයේ ස්ථාවර පදනමක්, ශක්තිමත් නම්‍යශීලිත්වයක්, විශාල විභවයක් යනාදි ධනාත්මක ලක්ෂණ දක්නට ලැබේ. මෙය විදේශ විනිමය සංචිත වපසරිය ස්ථාවර මට්ටමක පැවතීමට ඉවහල් වනු ඇති බව චීන රාජ්‍ය විදේශ විනිමය කළමනාකරණ අධිකාරිය සඳහන් කර තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්