චීන ජාතික විද්‍යුත් වාණිජ්‍ය කාර්ය සමුළුව පිළිබඳ වාර්තාවලට අනුව, 2024 වසරේ දී චීනයේ මාර්ගගත සිල්ලර විකුණුම් 7.2% කින් වර්ධනය වී ඇති අතර, චීනය වසර 12 ක් අඛණ්ඩව ලොව විශාලතම මාර්ගගත සිල්ලර වෙළඳපොළ බවට පත්ව ඇත.
ඉකුත් 24 හා 25 වන දිනවල චීන ජාතික විද්‍යුත් වාණිජ්‍ය කාර්ය සමුළුව බෙයිජිංහිදී පැවැත්විණ. මෙම රැස්වීම 2024 වසරේ දී චීනයේ විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සාරාංශ කොට, සංවර්ධන තත්ත්වය විශ්ලේෂණය කරමින්, 2025 වසර සඳහා සැලසුම් සකස් කර ඇත.
වසර 2024 දී, උසස් තත්ත්වයේ විද්‍යුත් වාණිජ්‍ය සංවර්ධනය සහ සියලුම ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි ඩිජිටල් පරිවර්තනය චීන ජාතික වාණිජ පද්ධතිය ප්‍රායෝගික ලෙස ප්‍රවර්ධනය කර ඇති බවත්, සියලු කටයුතු ධනාත්මක ප්‍රගතීන් ලබා ගෙන ඇති බවත් එම රැස්වීම පෙන්වා දෙයි.
More Stories
2025 චීන ජාතික සැසිවාර දෙකෙහි ප්රවෘත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ
තායිවාන ගැටළුව ප්‍රවේශමෙන් හසුරුවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
ගාසාහි සටන් විරාම ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය – චීනය