යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි සහ ස්ථිර බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අද (12) මේ බව පැවසීය.
යුක්රේන හමුදා පසුගිය දා රුසියාවේ කුර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාර දියත් කළ බවට මාධ්‍ය වාර්තා පළවිය. යුක්රේන හමුදාවේ එම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත්, තම හමුදාව විසින් එම ප්‍රහාරය නතර කරනු ලැබූ බවත් රුසියාව පවසා තිබිණ. ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කෙරිණ.
මේ අතර, යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ, රුසියාව තම රටට යුද්ධය ගෙන ආ බවත්, එහි ප්‍රතිවිපාක ඔවුන් දැන් අත්විඳිනු ඇති බවත්ය. ප්‍රහාරයට පෙර තම පාර්ශ්වය දැනුවත් නොකළ බව පැවසූ ඇමරිකාව කියාසිටියේ යුක්රේනය යුද පිටියේ සාර්ථක වීමට අවශ්‍ය දේ කරමින් සිටින බවයි. එසේම, තම රටේ ආයුධවලින් යුක්රේනයට කළ හැකි හා කළ නොහැකි දේ ස්වකීය ප්‍රතිපත්තිවලට අනුකූල වන බවත්, දේශසීමා හරහා එන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයට සහාය දෙන බවත් ඇමරිකානු පාර්ශ්වය පවසා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීනය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ තත්වය සමනය කිරීමට පියවර ගන්නා ලෙස යි. ඒ සඳහා පිළිපැදිය යුතු මූලධර්ම 3 වන්නේ යුද පිටිය පුළුල් නොකිරීම, සටන් තීව්ර නොකිරීම සහ ගිනි ඇවිලවීමෙන් වැළකීම බව ද චීනය පෙන්වා දී ඇත.
අර්බුදය දේශපාලන සමථයකට පත් කිරීම වෙනුවෙන් ප්රශස්ත කාර්යභාරයක් ඉටුකිරීම සඳහා චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමග අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වාගෙන යන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ