චීනය සමග ද්වි-මාර්ග ආයෝජන තවදුරටත් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කර, ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති සකස් කරන බව නිවේදනය කරමින්, ධවල මන්දිර වෙබ් අඩවිය පසුගිය 21වැනිදා “පළමුව ඇමරිකාව” නමැති ආයෝජන ප්‍රතිපත්ති සංදේශයක් නිකුත් කළේය.
චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුවේ ප්‍රකාශකවරය අද (24) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීය. ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අනිසි ලෙස නැවත නැවතත් පුළුල් කොට දෙරට ආර්ථික හා වෙළඳ හුවමාරුවලට අඛණ්ඩව බාධා කිරීම සම්බන්ධයෙන් චීන ව්‍යාපාරික ප්‍රජාව දැඩි විරෝධය පළ කරන බව ඔහු පැවසීය.
වෙළඳපල ආර්ථිකයේ නීතිවලට සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය. දෙරට ව්‍යාපාරික ප්‍රජාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගීතාවයක් ඇති කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා, ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රවල ජාතික ආරක්ෂක සීමාවන් පැහැදිලි කරන ලෙසත්, චීනය සහ ඇමරිකාව අතර ද්වි-මාර්ග ආයෝජන සඳහා ඇති සීමාවන් අවලංගු කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය