එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 58වන සැසිවාරයේ ජාතික මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව පසුගිය 20 වනදා ජිනීවාහිදී පැවැත්විණ. එහිදී එක්සත් ජාතීන්ගේ ජිනීවාහි කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජගත් සංවිධානවල චීන ස්ථාවර නියෝජිත Chen Xu මහතා දේශනයක් කරමින් චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම විග්‍රහ කරමින් මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණයට ලක් කිරීමට එරෙහිව කරුණු පැහැදිලි කළේය.
ඇතැම් රටවල් මානව හිමිකම් ප්‍රශ්න ප්‍රයෝජනයට ගනිමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම, ගැටුම් හා විරෝධතා ඇති කිරීම සහ අයුතු ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට ක්‍රියා කර ඇත. ඔවුන් සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොසලකා “මානව හිමිකම් විනිසුරුවෙකු” ලෙසට ස්වයංව පෙනී සිටිමින් වෙනත් රටවල මානව හිමිකම් තත්ත්වයට හිතාමතාම චෝදනා කර ඇත. ඔවුන්ගේ ක්‍රියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය දරුණු ලෙස විනාශ කිරීමක් බව ද Chen Xu මහතා පැවසීය.
චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ හා Xizang ස්වායත්තයේ සමාජය සමෘද්ධිමත් මෙන්ම ස්ථාවරව පවතී. එහි ජාතික සමගිය හා ආගමික සුසංගතභාවය ඉස්මතු වේ. චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පුරවැසියෝ පූර්ණ නීත්‍යනුකූල ආයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳිමින් සිටිති.
ඒ ඒ රටවල ජනතාව ස්වාධීන ලෙස තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන මාර්ග කෙරෙහි චීනය සැම විටම ගරු කරයි.එමෙන්ම චීනය සිය ක්‍රියාවන් මගින් මානවයන්ගේ දේශපාලන ශිෂ්ටාචාරය සංවර්ධනය කිරීමට දායකත්වය ලබා දෙන බවද චීන නියෝජිතවරයා ප්‍රකාශ කළේය.
More Stories
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි
බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ