චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා, ඊයේ (25) බෙයිජිං හිදී ජපාන විදේශ අමාත්‍ය Takeshi Iwaya මහතා සමඟ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා පැවැත්වීය. චීන-ජපාන මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ උපදේශන යාන්ත්‍රණයේ දෙවන සමුළුවට ඔවුන් එක්ව සහභාගී වූ අතර, එහිදී වැදගත් එකඟතා 10 කට එළැඹිණි.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව ගැඹුරු කිරීම,සංචාරක කර්මාන්තය,ක්‍රීඩා, සංස්කෘතික, විනෝදාස්වාද යන ක්‍ෂේත්‍රයන්හි අඛණ්ඩ සහයෝගීතාවයට සහාය වීම මෙන්ම මාධ්‍ය අතර හුවමාරු සහ සහයෝගීතා ශක්තිමත් කිරීම එම එකඟතාවයන් 10 ට ඇතුළත් වේ. එසේම, චීන-ජපාන මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ උපදේශන යාන්ත්‍රණයේ තුන්වන සමුළුව ඉදිරියේ දී ජපානයේ පැවැත්වීමට ද දෙපාර්ශවය මෙහිදී එකඟ විය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි