2024 වසරේ නොවැම්බර් මස 13 වනදා සිට 23 වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එපෙක් සංවිධානයේ නායකයින්ගේ 31වන නිල නොවන රැස්වීම හා ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 19වන සමුළුවට එක් වෙමින්, පේරු රාජ්‍යයේ හා බ්‍රසීලයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරය පිළිබඳ තොරතුරු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා පැහැදිලි කළේය.
දින 11ක් තුළ ජනාධිපති ෂී ජින් පිං මහතා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ක්‍රියාකාරකම් 40කට පමණ එක්විය. ඒ අතර තුර සහයෝගීතා ලේඛන 60කට වැඩි ප්‍රමාණයකට එළඹ තිබේ. ඔහුගේ සංචාරය, දැවැන්ත රටවල සබඳතාව විධිමත් හා ස්ථාවර වර්ධනයක් සඳහා පොළඹවමින් ගෝලීය දකුණේ රටවල සාමූහිකත්වය ද ඉදිරියට මෙහෙයවා ඇත.
ජනාධිපතිවරයා ලීමා නුවර පැවති එපෙක් සංවිධානයේ නායකයින්ගේ නිල නොවන රැස්වීමට එක් වූ අතර කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුවේදී ලිඛිත දේශනයක් ද සිදු කළේය. මුල සිටම සැබෑ බහුපාර්ශ්විකත්වය අනුගමනය කරන ලෙසත් විවෘතභාවය හා සංකලනය සහිත සහයෝගිතා ආකෘතිය ස්ථාපිත කරන ලෙසත් එම අවස්ථාවලදී ඔහු ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික ඒකක වලින් ඉල්ලා සිටියේය. එමෙන්ම හරිත නවෝත්පාදනය සහිත ආසියා පැසිෆික් වර්ධන ගාමක බලවේගය පෝෂණය කරමින් පොදු ප්රතිලාභ හා වෙනස්කම් පිළිගන්නා ආසියා පැසිෆික් කලාපීය සංවර්ධන සංකල්පයට අනුකූල වීමේ වැදගත්කම ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
රියෝ ද ජැනයිරෝ නුවර පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 19වන සමුළුවේදී ෂී ජින් පිං මහතා ආර්ථික, මූල්‍ය, වෙළඳ, ඩිජිටල්, ජෛව යන ක්ෂේත්‍ර පහ ඔස්සේ ගෝලීය පරිපාලනය ප්රශස්ත කිරීමේ යෝජනාවලියක් ඉදිරිපත් කළේය. සහයෝගීතාව, විවෘතභාවය, ස්ථාවරත්වය, නිර්මාණශීලිත්වය හා පාරිසරික හිතකර බව සහිත ගෝලීය ආර්ථිකයක් ස්ථාපිත කළ යුතු බව අවධාරණය කළ ෂී ජින්පිං මහතා, ගෝලීය වර්ධනයට සහාය වීමේ චීනයේ පියවර 8කින් යුත් සැලැස්ම ප්‍රකාශයට පත් කළේය.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ පේරු රාජ්‍යයේ නිල සංචාරය තුළදී, චීනය හා පේරු රාජ්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුම ශක්තිමත් කිරීමේ එකඟතාව සහ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේ සහයෝගීතා සැලැස්ම අත්සන් කිරීමේ අවස්ථාවන්ට ජනපති දෙපළ එක්වූහ. විවෘතභාවය අනුගමනය කිරීම හා සහයෝගීතා පැවැත්වීම මෙන්ම, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීම පිළිබඳ දෙපාර්ශ්වයේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වන බව වං යී මහතා කියාසිටියේය.
බ්‍රසීල සංචාරයේදී, දෙපාර්ශ්වය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා බ්‍රසීලයේ සංවර්ධන උපායමාර්ග එකිනෙකට සම්බන්ධ කිරීමට ද තීරණය කර ඇත.
මේ අතර චීන-ඇමරිකා නායකයන් ලීමා නුවරදී පැවති හමුවේදී දෙරට සබඳතාවේ වැදගත්කම අවධාරණය කෙරිණ. දැවැන්ත රටවල වගකීම් නිසි ලෙස භාරගනිමින් දෙරට සබඳතාව නිවැරදි දිශාවක් දෙස ප්‍රවර්ධනය කිරීමෙන් ලෝකයට නිශ්චිතභාවයක් හා ජවයක් එක් කළ හැකි බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.
එම සංචාරය තුළ හමුවීම්, ප්‍රකාශ, ලිඛිත දේශන හා සිය අත්සන සහිත ලිපි ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ෂී ජින්පිං ජනාධිපතිවරයා, උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය හා උසස් මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ගන්නා උත්සාහයන් පැහැදිලි කර තිබේ. එමෙන්ම චීනය දැඩි ලෙස හරිත සංවර්ධන මාර්ගයේ ගමන් කරමින් ගෝලීය හරිත පරිවර්තනය වෙනුවෙන් අඛණ්ඩව වැදගත් ගාමක බලවේගයක් සපයන බව ද ඔහු සඳහන් කර ඇත.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙවර ලතින් ඇමරිකානු සංචාරය මගින් ඵලදායී ප්‍රතිඵල අත් කර ගෙන තිබේ. එය, මෙම වසරේ ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ විශිෂ්ට නිමාවක් මෙන්ම ෂී ජින්පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ තවත් සාර්ථක භාවිතයක් බව වං යී මහතා ප්‍රකාශ කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි