2025 වසරේ චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු ජාත්‍යන්තර ප්‍රධාන ප්‍රවණතාව වෙත අවධානය යොමු කර නිසි පරිදි වගකීම් භාර ගනිමින් සාධාරණ මාර්ගය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.
අද(17) පැවති 2024 වසරේ ජාත්‍යන්තර තත්ත්වය හා චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ සාකච්ඡා මණ්ඩපයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව ප්‍රකාශ කළේය. එළඹෙන වසරේ ජාත්‍යන්තර තත්ත්වය තුළ අස්ථිර හා අවිනිශ්චිත සාධකයන් කැපීපෙනෙන ලෙස වර්ධනය වනු ඇත. එම තත්ත්වය යටතේ ඒ ඒ රටවල් තෝරා ගන්නා තේරීම්, යුගයේ ඉදිරි දිශානතිය තීරණය කරන අතර ලෝක ව්‍යුහයට ඉන් බලපෑම් එල්ල වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු ජාත්‍යන්තර ප්‍රධාන ප්‍රවණතාව වෙත අවධානය යොමු කර සිය වගකීම් නිසි පරිදි භාරගනිමින් සාධාරණ මාර්ගය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇත. සාමකාමී, සංවර්ධන, සහයෝගීතා මෙන්ම පොදු ජයග්‍රහණ ලබා ගත හැකි ධජය ඉහළට ඔසවා ලෝක සාමය හා සමස්ත මානවයන්ගේ පොදු දියුණුවට චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවනු ඇති බව වං යී මහතා පැවසීය.
ගෝලීය කැළඹීම් සහ ගැටුම් සහගත තත්ත්වයන් හමුවේ චීනය ස්ථිර ලෙස සාමය සඳහා ශක්තියක් වනු ඇත. බෙදීම් හා විවිධ අවදානම් හමුවේ චීනය ස්ථිර ලෙස සියලු දෙනා එක්සත් කිරීමේ ශක්තිය වනු ඇත. ඒකපාර්ශ්වික හිරිහැර කිරීම්වලට මුහුණ දෙන චීනය ස්ථිර ලෙස යුක්තිය සඳහා ශක්තියක් වනු ඇත.මතවාදී මතභේදයන් හමුවේ චීනය ස්ථීර ලෙස අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද වං යී මහතා එහිදී පැවසීය.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ