14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට සමගාමීව අද (7) පැවති චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට චීන විදේශ ඇමති වං යී මහතා එක් වේ. චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හා විදේශ සබඳතා පිළිබඳව වං යී මහතා එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට උත්තර දුන්නේය.
චීන ඇමරිකා සබඳතාව සම්බන්ධයෙන් වං යී මහතා පැවසුවේ අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම, දෙරටේ සබඳතාවට වැදගත් පදනමක් බවයි. ගෙවුණු වසර කිහිපය තුළ තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ ඔස්සේ ලබා ගෙන ඇත්තේ කුමක් ද යන්න ඇමරිකාව සමාලෝචනය කළ යුතු බව හෙතෙම කීය. එවන් තීරු බදු යුද්ධ හා වෙළඳ යුද්ධ මගින් ඇමරිකාව සිය වෙළඳ අතිරික්තය, නිෂ්පාදන කර්මාන්ත තරඟකාරීත්වය, උද්ධමනය හා ජන ජීවිතය ඇතුළු ක්ෂේත්‍රවල ධනාත්මක වෙනස්කමකම් තිබේ දැයි යන්න ඇමරිකාවට සාරාංශ කළ යුතු බව වං යී මහතා එහිදී අවධාරණය කළේය.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි