චීන රජයේ පාලන කාර්යක්ෂමතාව පැසසුමට – CGTN ගෝලීය මත විමසුම

පසුගිය වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය(GDP) යුවාන් ට්‍රිලියන 134.9ක අගයක් පෙන්නුම් කළ අතර එය 5%ක ආර්ථික වර්ධන අනුපාතයක් සටහන් කරමින් ලොව ප්‍රධාන ආර්ථිකයන් අතර වේගවත්ම වර්ධන අනුපාතයක් ලෙස ශ්‍රේණිගත විය. මෙම චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනය  ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවා ඇත.  මේ සම්බන්ධයෙන් CGTN ආයතනය රටවල් 41ක පුද්ගලයින් 25,883කගේ සහභාගීත්වයෙන් මත විමසුමක් සිදු කර තිබේ.  එයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%කට වඩා චීනයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සංකල්පය සහ චීන රජයේ පාලන කාර්යක්ෂමතාවය පැසසුමට ලක් කර තිබිණ.

එම සමීක්ෂණයට අනුව ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 92.3%ක් චීනයේ ආර්ථික ශක්තිය අගය කර ඇති අතර, 81.3%ක් චීන ආර්ථිකයේ දිගුකාලීන සංවර්ධනය පිළිබඳව පූර්ණ විශ්වාසය පළ කර ඇත. එමෙන්ම චීන ආර්ථිකය ගෝලීය ආර්ථිකය සඳහා කළ කැපී පෙනෙන දායකත්වය 89.2%ක් සහතික කර තිබේ. ස්ථාවර මට්ටමක පවතින චීන ආර්ථිකය ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කිරීමට සමත් වී ඇත. සමස්තයක් වශයෙන් ගත් කළ 2024 වසරේදී, රැකියා නියුක්තිය සහ මිල ගණන් ස්ථාවරව පැවති අතර, නව නාගරික රැකියා මිලියන 12.56 ක් නිර්මාණය විය. ඒක පුද්ගල ආදායම 5.1%ක සැබෑ වර්ධනයක් පෙන්නුම් කළ අතර අනිවාර්ය අධ්‍යාපනය, වැඩිහිටි සත්කාර, මූලික වෛද්‍ය සේවා සහ සමාජ සහනාධාර ශක්තිමත් කර තිබේ.

මෙම සමීක්ෂණය‍ට ප්‍රතිචාර දැක්වූවන් චීන රජය අධ්‍යාපනික සංවර්ධනය, ආදායම් වර්ධනය, ජීවන තත්ත්වය ප්‍රවර්ධනය, පොදු සෞඛ්‍යය සේවා සංවර්ධනය සහ ස්වාභාවික පරිසර සංවර්ධනය තුළින් කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබා ඇති බව ප්‍රකාශ කළහ. එම අනුපාතය පිළිවෙළින් 78.8%, 70.1%, 63.4%, 61% සහ 58.1%කි.

CGTN ආයතනය චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය සමග එක්ව නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ආයතනයේ සහභාගීත්වයෙන් සිදු කළ “චීනය කෙරෙහි ආකල්පය” සහ “චීන නවීකරණය”යන සමීක්ෂණවලින් මෙම දත්ත අනාවරණය කර තිබේ. උතුරු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, මධ්‍යම සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් සහ අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, දකුණු සහ මධ්‍යම ආසියාව මෙන්ම මැදපෙරදිග යන කලාප මෙම සමීක්ෂණයෙන් ආවරණය කෙරේ. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජපානය වැනි සංවර්ධිත රටවලින් මෙන්ම බ්‍රසීලය, කෙන්යාව, මෙක්සිකෝව සහ ඉන්දුනීසියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ද මේ සඳහා ප්‍රතිචාර දක්වා තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com