නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්

新华社照片,金边,2025年4月17日 4月17日晚,国家主席习近平同柬埔寨首相洪玛奈在金边和平大厦举行会谈。 新华社记者 刘卫兵 摄

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කාම්බෝජ අගමැති Hun Manet මහතා, නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැඟීමට සහ 2025 චීන-කාම්බෝජ සංචාරක වසර ලෙස නම් කිරීමට ඊයේ(17) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ කළහ.

වර්තමානයේ, සියවසක් තුළ නොදුටු වෙනස්කම් වේගවත් වෙමින් පවතින බව පෙන්වා දුන් ෂී ජින්පිං මහතා,  පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාව ගොඩනැඟීම ගැඹුරු කිරීම දෙරටේ මූලික අවශ්‍යතාවන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බව පැවසීය. චීනය සෑම විටම මෙන්, සිය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරී‍මේ දී කාම්බෝජයට සහාය ලබා දෙයි. කාම්බෝජ රාජ්‍ය පාලනයේ සාර්ථකත්වයට මෙන්ම එරට, ජාත්‍යන්තර හා කලාපීය වැදගත් කාර්යභාරයන් ඉටු කිරීමේ දී චීනය සහාය වනු ඇත. 

ඒකපාර්ශ්වික හිරිහැර කිරීමට විරුද්ධ වන ලෙසත්, බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරන ලෙසත්, කණ්ඩායම් ගැටුම්වල දී දැඩි විරෝධය පළ කරන ලෙසත් චීනය කාම්බෝජයෙන් ඉල්ලා සිටී. ආසියාන් සහ Lancang-Mekong සහයෝගතාවයේ රාමු තුළ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කර, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීමට දායක වී, දුෂ්කරව දිනාගත් කලාපීය සාමය සහ සංවර්ධනය ඒකාබද්ධව ආරක්ෂා කරන ලෙස ෂී ජින්පිං මහතා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේය. 

චීනය කාම්බෝජයේ වඩාත්ම විශ්වසනීය මිතුරා බවත් තම රටේ ආර්ථික සංවර්ධනය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීම සඳහා චීනය දක්වන ශක්තිමත් සහයෝගයට කෘතවේදීත්වය පළ කරන  බවත් Hun Manet අගමැතිවරයා එහිදී පැවසීය. කාම්බෝජය එකම චීනය ප්‍රතිපත්තියට දැඩිව අනුගත වන අතර චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සහාය වනු ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංකල්පය, ප්‍රධාන ගෝලීය මුලපිරුම් තුන සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ සහයෝගීතාවයට කාම්බෝජය සහාය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සාකච්ඡාවලින් පසුව, නිෂ්පාදන හා සැපයුම් දාම සහයෝගීතාව, කෘත්‍රිම බුද්ධිය, සංවර්ධන ආධාර, රේගු පරීක්ෂාව, සෞඛ්‍ය සහ මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි චීනය සහ කාම්බෝජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතා ලේඛන 30 කට වැඩි ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම දෙරට නායකයින් ඉදිරියේදී සිදු විය.

” නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීම සහ ප්‍රධාන ගෝලීය මුලපිරුම් තුන ක්‍රියාත්මක කිරීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ කාම්බෝජ රාජධානිය අතර ඒකාබද්ධ ප්‍රකාශය” දෙපාර්ශ්වය විසින් නිකුත් කරන ලදී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com