මැකව් විශේෂ පරිපාලන කලාපය යළි චීනයට පැමිණීමේ 25වැනි සංවත්සරයට චීන ජනපති සහභාගි වේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(20) මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25වැනි සංවත්සරය සැමරීමේ සම්මේලනයට සහ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 6වැනි රජය දිවුරුම් දීමේ උත්සවයට සහභාගි විය.
මැකව් යළි චීනයට පැමිණීමෙන් පසු ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් අනුබලයක් යටතේ මැකව් විශේෂ ලක්ෂණ සහිත‘එක් රටක් ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි විශාල ජයග්‍රහණයක් දිනා තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.
මැකව් හි විශාල විපර්යාසයක් සිදු වී ඇති අතර එහි ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් වර්ධනය වී තිබේ. එසේම එහි ආර්ථික හා සමාජ සංවර්ධනයේ ඓතිහාසික ප්රගමනයක් අත්කර ගෙන ඇත. ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධාංගීකරණ කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කොට දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා මැකව් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.
‘එක් රටක්, ක්‍රම දෙකක්” ප්‍රතිපත්තියට සැලකිය යුතු ආයතනික වාසි සහ ප්‍රබල ජීව ශක්තියක් ඇති බවත් එය දිගු කාලීනව පවත්වා ගත යුතු බවත් මැකව් ආපසු මව්රටට පැමිණීමෙන් පසු විශිෂ්ට ජයග්‍රහණ දිනා ගැනීමෙන් සනාථ වී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
මැකව් විශේෂ පරිපාලන කලාපයේ නව රජය “එක් රටක්, ක්‍රම දෙකක්” යන පද්ධතියේ ප්‍රමුඛතා මනා ලෙස භාවිත කොට “එක් රටක්, ක්‍රම දෙකක්” ව්‍යායාමයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
මධ්‍යස්ථ විවිධාංගීකරණ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, විශේෂ පරිපාලන කලාපයේ පාලන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ප්රයත්න දැරීම, විවෘතභාවය සඳහා ඉහළ මට්ටමේ වේදිකාවක් ගොඩනැගීමට උත්සාහ දැරීම සහ, සමාජ සමගිය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම යන සිව් වැදෑරුම් යෝජනාවන් ෂී ජින් පිං මහතා එහිදී ඉදිරිපත් කළේය.
“එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට, විශේෂ පරිපාලන කලාපයේ රජයේ හා සමාජයේ සමස්ත අංශවල ඒකාබද්ධ ප්රයත්නයෙන් මෙන්ම මව්රටේ ශක්තිමත් පිටුබලය ඇතිව, මැකව්ට නිසැකවම නව දීප්තිමත් කලාපයක් නිර්මාණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන ජනපති සහ චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ නව විධායක නිලධාරීවරයා අතර හමුවක්
මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ප්‍රසංගයට චීන ජනපති එක්වේ
‘මැකව්+ හෙන්ග්චින්’යන්න, “එක් රටක් ක්‍රම දෙකක් ” ප්‍රතිපත්තියේ සාර්ථක ආදර්ශයක්–චීන ජනපති