චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, හයිනන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුව හා පළාත් රජය සිදු කළ කාර්ය වාර්තාවට සවන් දුන්නේය. ‘ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ අත්හදා බැලීම් කලාපය, හරිත සංවර්ධන ආදර්ශ කලාපය, වැදගත් ජාතික උපායමාර්ගික සේවා සහතික කලාපය හා ජාත්‍යන්තර සංචාරක පරිභෝජන මධ්‍යස්ථානය’ පිළිබඳ හයිනන් පළාතේ උපායමාර්ගික ස්ථානය කේන්ද්‍ර කර ගෙන චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘හයිනන් පරිච්ඡේදය’ සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
හයිනන් පළාතට අනන්‍ය වන වාසී සහගත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව ඔහු සඳහන් කළේය. විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය හා කර්මාන්ත නවෝත්පාදනය අතර සම්මිශ්‍රණය පුළුල් කරමින් සංචාරක, නවීන සේවා, උසස් නවීන තාක්ෂණික, නිවර්තන විශේෂ ලක්ෂණයෙන් යුතු කාර්යක්ෂම කෘෂිකර්මාන්තය යනාදී ප්‍රධාන කර්මාන්ත යාවත්කාලීන කිරීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුය. ජාතික උපායමාර්ගික විද්‍යා තාක්ෂණික ධාරිතාවේ මට්ටම සලකා සංවර්ධනය සිදු කර ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණික සහයෝගීතා පුළුල් කිරීමට හයිනන් පළාත ඉදිරිපත් විය යුතුය. එමෙන්ම ජෛව පරිසරය හා හරිත සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර සංස්කෘතික, ක්‍රීඩා, සංචාරක හා සෞඛ්‍ය පුනරුත්ථාපන සේවා යන කර්මාන්ත, ඒකාබද්ධව ඉදිරියට ගෙන යා යුතුය.
ඒ සමගම, සාගර ගවේෂණයට අවධානය යොමු කරමින්, සමුද්‍ර කර්මාන්තවලින් නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමට හා නව සංවර්ධන ක්ෂේත්‍ර පෝෂණය කිරීමට ප්රයත්න දැරිය යුතුය. එසේම හයිනන් පළාත, බලවත් සාගරික පළාතක් සේ ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පැවසීය.
හයිනන් පළාතේ, නිදහස් වෙළඳ වරාය ප්රතිපත්තීන් හා පද්ධතීන් අංගසම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් විවෘතභාවයේ ක්‍රියාදාමය හා සැකසීම ක්‍රමානුකූලව සකස් කළ යුතුය. වෙළඳාම, ආයෝජනය, දේශසීමා මායිම් හරහා ප්‍රාග්ධන ගලනය, ගමනාගමනය, ප්‍රවාහනය පිළිබඳ නිදහස් පරිසරයක් මෙන්ම විධිමත් දත්ත ගලනයක් සිදු කිරීමට අවධානය යොමු කළ යුතුය. ජාත්‍යන්තර උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසීන්ට අනුකූලව, පද්ධතිමය විවෘතභාවය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුය. එසේම, ලොව ඉහළම මට්ටමේ වෙළඳපොළකරණය, නීත්‍යනුකූල හා ජාත්‍යන්තරකරණය වන ව්‍යාපාරික පරිසරයක් හයිනන්හි බිහි කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි