ඊසානදිග ප්‍රදේශයේ පුර්ජීවනය සඳහා චීන ජනපතිගෙන් ‍උපදෙස්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(8) පෙරවරුවේ Jilin පළාතේ Changchun නගරයට පැමිණ චීන කොමියුනිස්ට් පක්ෂයේ  Jilin පළාත් කමිටුව හා පළාත් රජයේ කාර්ය වාර්තාවන්ට සවන් දුන්නේය. ඉන් අනතුරුව ෂී ජින්පිං මහතා එම පළාතේ සංවර්ධනය පිළිබඳව උපදෙස් ලබා දී තිබේ. 

Jilin පළාත, නව යුගයේ ඊසානදිග ප්‍රදේශයේ පූර්ණ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ක්‍රියාමාර්ගය පුළුල්ව ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. එමෙන්ම ‘ජාතික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතභාවය, ජෛව ආරක්ෂණය, බලශක්ති හා කර්මාන්ත සුරක්ෂිතතාව’ යන අංග පහට අදාළව සිය වැදගත් මෙහෙවර පැහැදිලිව අවබෝධ කර ගෙන උසස් තත්ත්වයේ සංවර්ධන සංකල්පයට අනුකූලව සිය සංවර්ධන කටයුතු ඉදිරියට මෙහෙයවිය යුතුය. එසේම, රටේ නව සංවර්ධන ව්‍යහුයට සක්‍රියව එක් වෙමින් ඊට සහාය විය යුතුය. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් අවස්ථා මනාව ග්‍රහණය කර ගෙන උද්යෝගයෙන් හා ‍ධෛර්යසම්පන්න ව චීන මාදිලියේ නවීකරණ සංවර්ධනයේදී වඩාත් කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගැනීමට උත්සාහ කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com