තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) කටයුතු හෙට ( 20 ) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
හෙට ( 20 ) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාල ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන් 07 දෙනෙක්.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට