නීතියේ පවතිනවා නම් කාන්තාවක් ලෙස තම වෘත්තියේ ඉහළට යාමට නොහැකි බවට මන්ත්‍රීවරියක් ලෙස එය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා මෙන්ම එය විශාල අසාධාරණයක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.
අද (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි ඇය මේ බව සදහන් කළේ.
එමෙන්ම එයට එම වෘත්තියේ සිටින පිරිමි පාර්ශවය එරෙහිව නැගී සිටිනවා නම් එය ලැජ්ජාවට කරුණක් බවද මන්ත්‍රීවරිය කියාසිටියාය.
මෙරට කාන්තාව තමන්ට වැඩ කළ හැකි බව පෙන්වා ඇති පසුබිමක නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියට එම තනතුර දැරීමට ඇති නොහැකියාව කුමක්ද යන්න ඇසීමට සිදුව ඇති බවයි කවිරත්න මන්ත්‍රීවරිය සඳහන් කළේ.
විශේෂයෙන් යම් වෘත්තියකදී කාන්තාවකට ඉදිරියට යාමට බාධාවක් ඇත්නම් රටක් ලෙස ඒවා වෙනස් කරගත යුතු බව ඇය අවධාරණය කරන ලදී.
”අද ලෝකය තුළ සියලු ක්ෂේත්‍රයන්හි කාන්තාවන් දක්ෂකම් පෙන්වා තිබෙනවා. රටක් ලෙස අප මෙවැනි බමුණු මත කරතියාගෙන යන්නේ ඇයි? මේක ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි රජයට කියන්නේ මේ අය ආවේ කාන්තාවන්ට සාධාරණත්වය ඉටුකරනවා,කාන්තාවන්ට නිසි තැන ලබාදෙනවා කියල. එහෙම නම් ඇයි මෙතැනදී රජය නිශ්ශබ්දව ඉන්නේ? 2006 මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට්ටුව තීරණයක් අරන් තියෙනවා සියලුම තනතුරුවල 15%ක් කාන්තා නියෝජනය තිබිය යුතුයි කියල. පොලිස් කොමිෂන් එක එය පිළිගෙනත් තිබෙනවා.”
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්