මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබු සාදයක් වැටළු පොලීසිය හෝටල් හිමිකරු සහ එහි සිටි කාන්තාවන් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඔවුන් සතුව තිබී හෙරොයින් , කේරළ ගංජා , මත්පෙති ඇතුලු වර්ග කිහිපයක මත්ද්‍රව්‍ය සොයාගත් බවයි.
ඊයේ (09) පස්වරුවේදි බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කළ මෙම සාදය නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වමින් තිබිය දී කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය විසින් වටලා තිබිණි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අවුරුදු 60, 32,17,18,19,20 සහ 23 යන වයස් කාණ්ඩයේ පසුවන අයවළුන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි